ජලයේ හා ගොඩබිමේ ධාවනය කල හැකි යොට් යාත්‍රාවක්


Sail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම කොළඹ වරාය නගරයේදී සිදුවිය.

Sail Lanka Yachting Group ආයතනයේ සභාපති Pierre  Pringiers මහතාගේ හා කවුෂල් වීරසිංහ මහතාගේ ආරාධනයෙන් ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ එය සිදුවිය.

ශ්‍රී ලංකාවේ සංචාරයක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙවැනි යාත්‍රා වැඩි වැඩියෙන් නිෂ්පාදනය කර ක්ෂේත්‍රයට එක් කිරීමත්, ලංකාවේ නිෂ්පාදනය කරන යාත්‍රා අපනයනය මගින් විදේශ වෙළදපළ ජයග්‍රහණය කිරීම තම අරමුණ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙහිදී සදහන් කලේය.

 

 



Recommended Articles