ජපාන හිටපු අගමැති අබේට වෙඩි තබයි


ජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී වෙඩි තැබීමකින් පසු ජපානයේ හිටපු අගමැති ෂින්සෝ මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අබේ මහතාට දෙවරක් වෙඩි තබා තිබුන අතර දෙවැනි වෙඩිල්ල ඔහුගේ පිටුපසට වැදී අතර ඉන් අනතුරුව ඔහු ඇඳ වැටී තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ටෝකියෝ ආණ්ඩුකාර යොයිචි මසුසෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අබේ මහතා හෘද පෙනහළු හිරවීමේ තත්වයක සිටින බවයි.

ප්‍රහාරය සිදු වූ විට අබේ මහතා නාරා ප්‍රදේශයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් කතාවක් කරමින් සිටියේය. ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ අබේ මහතා සෞඛ්‍ය හේතූන් මත 2020 දී ඉල්ලා අස්විය.



Recommended Articles