නොසිතු පරිදි තරගය වෙනස්වීමත් සමග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් බෙල්ජියම් ප්‍රේක්‍ෂකයෝ යන්නට ගියහ. එහෙත් සියලු බලාපොරොත්තු බිඳවැටී සිටියද, ජපාන ප්‍රේක්‍ෂකයෝ ක්‍රීඩාංගණයෙන් පිටම යෑම ප්‍රමාද කළහ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිටම ජපාන ප්‍රේක්‍ෂකයන් තම කණ්ඩායම ක්‍රීඩාකළ සෑම තරගයක් අවසානයේදීම අපවිත්‍ර වූ ක්‍රීඩාගාරය පිරිසිදු කර යෑමට පුරුදු කරගෙන සිටි අතර, පෙරේදා (02දා) තරගයෙන් පසු ජපානය සමස්ත තරගාවලියෙන් ඉවත් වූවත් එරට ප්‍රේක්‍ෂයන්ට ඔවුන් එතෙක් ස්වේච්ඡාවෙන් සිදුකළ සමාජ වගකීම අමතක නොවීය.