ජනපතිට සහාය පළකරමින් කාල්ටන්හි උද්ඝෝෂණයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළකරමින් තංගල්ල නගරයේදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.

තංගල්ල - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ සිට උද්ඝෝෂකයෝ තංගල්ල නගරයට පාගමනින් පැමිණ තංගල්ල - මහවෙල මාර්ගයේ පිහිටි අගමැතිවරයාට අයත් කාල්ටන් නිවෙස දක්වා ගමන් කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට සහය පළකරමින් මෙම උද්ඝෝෂණය සිදුකෙරිණි. පුවරු අතැතිව සටන් පාඨ කියමින් උද්ඝෝෂකයෝ ගමන්කළහ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල නගරයෙන් රථවාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිර විය.

අනීෂා මානගේ



Recommended Articles