ජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.
එහිදී ජනපතිවරයාට ඉහළ පිළිගැනීමක් ලැබුණ අතර හමුදා උත්තමාචාර මැද රතු පළසක් එලා ඔහුව පිළිගනු ලැබීය.
සිය චීන සංචාරයේදී ජනපතිවරයා චීන ජනපති සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.