ජනපති මැනිලා නුවරට


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර  නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.

එරට වෙළෙද සහ කර්මාන්ත අමාත්‍ය රැමොන් ලෝපෙස් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.  හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.



Recommended Articles