ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් කෙටි සටහනක තබන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ලැබීම සතුටක් බවයි.
එසේම ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය දෙරටේ බැඳීම් ශක්තිමත් කිරීමට මෙන්ම හවුල්කාරිත්වයට ශක්තියක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.