ජනපති-අගමැති ආරක්ෂක ඩොලී මඩකලපුවේදී අවසන් ගමන් යයි


මඩකලපුව පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ  වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසියේ නිරතව සිටි ඩොලී නමැති පොලිස් නිල සුනඛයා ඊයේ (21දා) මියගිය බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 2011 වසර මහනුවර පොලීසියට අනියුක්ත කිරීමෙන් පසු පොලිස්  කොස්තාපල්  දර්ශන  මහතා  විසින් පුපුරණ ද්‍රව්‍ය  ඇතුළු  වෙඩි බෙහෙත් සෙවීමේ විශේෂ පුහුණුව ලබාදී ඇති නිල සුනඛයෙකු වන අතර ඔහු  2010 වසරේදී නෙදර්ලන්තයේ උපත  ලබා තිබේ.

අදාළ සුනඛයා (ඩොලී)  2012 වසරේදී මඩකලපුව පොලීසියට අනියුක්ත කර ඇති අතර වසර 07ක් තුළ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් 200කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදුකර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම මෙම සුනඛයා ජනපති-අගමැති ඇතුළු රාජ්‍ය නායක සංචාරවලදී විශේෂ ආරක්ෂක සේවයේ නිරතව තිබේ.

නිල සුනඛයාග් අවසන් කටයුතු ආගමික වතාවත්වලින් අනතුරුව පොලිස් උපහාර මධ්‍යයේ සිදුකළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ජවුෆර් ඛාන් - මඩකලපුව



Recommended Articles