ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡාකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද දිනයේදී උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර අද පෙරවරුවේදී අමාත්‍යවරයා අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීම සඳහා මහනුවර දළඳා මාළිගාවට පැමිණියේය.