ජන බලය විරෝධතා රථ පෙළපාළිය


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.

එම රථ පෙළපාළිය ඩී.එස්. සේනානායක පිළිරුවට පූජෝපහාර දැක්වීමෙන් පසු අවසන් කෙරුණු අතර, ‘ජන බලය රථ පෙළපාළිය’ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ රැසක් සහභාගි වූහ.

සටහන/ඡායාරූප ඉසුරු ‌පෙරේරා

 

 



Recommended Articles