ජාතික ගමනාගමන කොමිසන් සභාවේ හිටපු සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාගේ ධුර කාලය අවසන් බැවින් ඒ සඳහා වෙනත් සභාපතිවරයෙකු පත්කරන ලෙස බලකරමින් අද (15දා) විරෝධතාවක් ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් විසින් ගමනාගමන කොමිෂන් සභාවේදී පවත්වන ලදී.
හිටපු සභාපතිවරයාගේ වයස අවු. 74ක් වන බවත්, ඔහුගේ පාලන කාලය තුළ දූෂිත ක්‍රියා රැසක් සිදුවූ අතර, එබැවින් නැවත ඔහු සභාපතිවරයා ලෙස පත්නොකොට නව සභාපතිවරයෙකු පත් කරන ලෙසත් උද්ඝෝෂකයෝ මෙහිදී බලධාරීන්ගේ ඉල්ලා සිටියහ.
මීට අමතරව හිටපු සභාපතිවරයාගේ සේවය අගයමින් තවත් පිරිසක් එම ස්ථානයේ රැඳී සභාපතිවරයා නැවත පත්කරන ලෙසත්, ඔහුගේ සේවා කාලය තුළ ඔහු නිවැරදිව රාජකාරී කටයුතු සිදුකළ බවත් පවසා සිටියහ.
සටහන හා ඡායාරූප - ශමීර රාජපක්ෂ