චීනයෙන් තවත් පරිත්‍යාගයක්


ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

මීට අමතරව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහාද මෙවැනිම පෝසටර් 100000ක් පිරිනැමීමට තානාපති කාර්යාලය කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අද (17දා) සිදුවිය.

 



Recommended Articles