චීනය පොලොන්නරුවේ ස්ථාපිත කළ මිත්‍රත්වයට වසරයි


චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස  ලබාදුන් පොලොන්නරුවේ ඉදිකළ  වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පවරා ඊයේ (11දා) වසරක් සම්පූර්ණ විය.

එම කාලය තුළදී නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වීම් 3010ක්, රුධිර කාන්දුකරණ 20784ක්, රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම් 18045ක්, රසායනාගාර පරීක්ෂණ 65516ක් සිදුකර තිබේ. රෝහලට ජනතා අයිතියට පත්කිරීමට වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රෝහලේ උත්සවයක් සංවිධානය කර තිබුණ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.

එසේම මෙහිදී චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ත්වය දැක්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වීය. මෙම උත්සව සභාව ඇමතූ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ වෘක්කවේද රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 80000ක් වටිනා ඖෂධ ඉදිරියේදී පරිත්‍යාග කරන බවයි. චීන විදේශ අමාත්‍යාංශය විසින් මෙම පරිත්‍යාග කරන බවද තානාපතිවරයා පැවැසීය.



Recommended Articles