චීන එන්නත් තොගය කටුනායකට


මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සඳහා භාවිතා කිරීමට එන්නත් සිලින්ජර ලක්ෂ 16 ක් ද 07/27 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම එන්නත් සහ සිලින්ජර තොගය භාර ගැනීමේ අවස්ථාවට  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්හොන්ග් ( Qi Zhenhong ) ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 19,537 ක් බර , ඇසුරුම් 60 ක අසුරා තිබූ අතර සිලින්ජර තොගය කිලෝ ග්රැම් 6,864 ක් බර ඇසුරුම් 500 ක අසුරා තිබුණි .

එන්නත් සහ සිලින්ජර තොගය රැගත් පළමු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානය වූ , යූ.එල්.- 865 දරන ගුවන් යානය 07/27 දින උදෑසන 08.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබීය .

දෙවන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වූ , යූ.එල්.- 869 දරන ගුවන් යානය 07/27 දින උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබීය.

 



Recommended Articles