අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම වස් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (1දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.
පාසල් ක්‍රීඩාවෙන් පසු චන්දිමාල්ගේ ක්‍රිකට් දිවිය තව තවත් ශක්තිමත් කිරීමට සිය ආයතනයේ නාමිකව රැකියාවක් ලබාදී සේවයක් කළත් නොකළත් වැටුපකට අමතරව ක්‍රීඩාවට අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා පියෙකු මෙන් සොයා බලා දුන් ඩිමෝ ආයතනයේ රංජිත් පණ්ඩිත මහතාට ඒ වෙනුවෙන් කෘත ගුණ දක්වීම සදහා මේ ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය ඒ මහතාගේ නමින් නම් කොට ඔහු ලවාම විවෘත කිරීමට සැලැස්වීමද මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනුණි.
තමන්ට ඉහලට නැගීමට උපකාර කළ ඉනිමගට පයින් ගසන ක්‍රීඩකයින් සිටින කාලයක දිනේෂ් චන්දිමාල් මෙය ඉදිකිරීමට වැය කල මුදල රුපියල් ලක්ෂ 200කි.
දම්සෝ ආදි සිසු විශ්‍රාමික මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ අදහසක් අනුව ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය දිනේෂ් චන්දිමාල් මහතා විසින් ඉදිකිරීමට පියවර ගැනිණ.
මේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉදිකිරීම් අංශයේ නිලධාරීන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වය ලබාදී තිබූ අතර එහි වැඩ නිමාවන තෙක්ම සිය කාලය ශ්‍රමය වැය කරමින් දිනපතාම පාහේ අධීක්ෂණය කළ දිනේෂ් චන්දිමාල් මහතා ක්‍රිකට් ක්‍රීඩකයකු කිරීමට ක්‍රිකට් ගුරුහරුකම් ලබාදුන් තවත් අයෙකු වන ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු ජී. අශෝක කුමාර මහතා ද මේ වෙනුවෙන් ලබාදුන් අනගිභවනීය සහයෝගය හා අනුබලය ද කැපීපෙණුනි.
ධර්මාශෝක විදුහලෙන් ක්‍රිකට් අත්පොත් තබා ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ජීවිතය ජයගෙන එමගින් උපයා සපයාගත් ධනයම වැය කොට සිය ක්‍රිකට් ක්‍රීඩාවේ මවුට තමා මෙන් තව තවත් ජාතික තලයට අවැසි ක්‍රිකට් ක්‍රීඩක පුතුන් බිහිකිරීමේ පරම පවිත්‍ර අරමුණින් මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (1) පෙරවරුවේදී විවෘත කෙරුණේ කළගුණ සැලකීමේ කාරණා දෙකක් ද එකම දවසේ ඉටු කරමිනි.