හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය දෙක හමාරකට පමණ ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අද (25දා) කටයුතු කළේය.
පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ දැනුම් දීමක් අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙ.ව. 9.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි අතර පෙ.ව. 11.30ට පමණ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව එයින් පිටතට පැමිණියේය.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී වීරකැටියේ ඉදිකළ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සම්බන්ධයෙන් සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ ඒකකයා පැමිණියේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ