යුක්රේන - රුසියා ගැටලුව තීව්ර කරන ඕනෑම ක්‍රියාවකට චීනය විරුද්ධ බව චීන විදේශ අමාත්‍යා වැන්ග් යී පවසයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්ක හා පැවැති සාකච්ඡාවකදී වැන්ග් යී පවසා ඇත්තේ “ගින්නට ඉන්ධන” එක් කරන ඕනෑම ක්‍රියාවලියකට බීජිනය විරුද්ධ වන බවයි.
රුසියාව සහ යුක්රේනය අතර සෘජු සාකච්ඡා ආරම්භ කිරීම ධනාත්මක දෙයක් බවත් අර්බුදය විසඳිය හැක්කේ සංවාදයෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් ඔහු පවසා තිබේ.
රුසියාව සමඟ “සාධාරණ සාකච්ඡා” පවත්වන ලෙසත්, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ ව්‍යාප්තිය පිළිබඳව මොස්කව්හි ආරක්ෂක උත්සුකයන් පිළිගන්නා ලෙසත්, වෑන්ග් මහතා එක්සත් ජනපදයෙන් නේටෝ සහ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.