ගාල්ලට අධික වැසි - මාර්ගත් යටවෙයි


ගාල්ල නගරයට  අද  (30දා) පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග  ගාල්ල   නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවිය.

නගරයට ප්‍රවේශ වන මාර්ගවල තැනින් තැන ජලයෙන් යටවි තිබුණි. ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ  කහදුවවත්ත ප්‍රදේශය ,ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ජුල්ගහ අදී ප්‍රදේශ ජලයෙන් යටවි තිබුණි. ගාල්ල කන්දවත්ත සරන්තුකඩය  පල්ලිය අසළ මාර්ගයද ජලයෙන් යටවි තිබුණි.

පස්වරු  6.00 සිට 7.30 දක්වා  පැය එකහමාරක  පමණ කාලයක් අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක්  ගාල්ල නගරයට පතිත වූ අතර මෙම තත්වය නිසා මගි ජනතාව ද ගැටළු රැසකට මුහුණ දුන්හ.

ජිනේෂ් නානායක්කාර



Recommended Articles