ගාල්ල මහින්දයේ සිසුන් ගෙදර සිට ඉගෙන ගනියි


නුතන තාක්ෂණික  ක්‍රම යොදාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුභවතුන් විසින් දරුවන්ට නිවස තුළ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකොට දි ඇති බව ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පවසයි.

පාසලේ සැම පංතියක් සඳහාම වට්ස්ඇප් හා වයිබර් කණ්ඩායම් පිහිටුවා ඇති අතර පංති භාරගුරුතුමා හො ගුරුවරිය විසින්  කළයුතු ගෙදර වැඩ, අධ්‍යාපනික කටයුතු වටස්ඇප් හා වයිබර් කණ්ඩායමට යොමුකිරිමෙන් පසු   ජංගම දුරකතන ළග තබාගෙන දෙමව්පියන්ගේ අධික්ෂණය යටතේ දරුවන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවද විදුහල්පතිවරයා සදහන් කළේය.

“දැනට රටතුල ඇතිවි තබෙන තත්වය නිසා අධ්‍යාපන කටයුතුවලට දිගුකාලිනව බලපැමක් තියෙනවා. මේ තත්වය තුල අපිට දරුවන් මග හැරලා ඉන්න බැහැ. මහින්ද විද්‍යාලය තුල සැම පංතයක් සදහාම වටස්ඇප් හා වයිබර් කණ්ඩායම් හදලා තියෙනවා.

ඒ තුලින් පාසල් දරුවන්ගේ නිර්දේශයට අනුව ගෙදරවැඩ අධ්‍යාපන කටයුතු දරුවන් නිවස තුල සිට කරගෙන යනවා. ඇත්තටම මේ ක්‍රියාවලිය සිදුවන්නේ  පාසලේ ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ හා දරුවන්ගේ එකමුතු කමින්. ගුරුවරුන්ද නුතන තාක්ෂනික ක්‍රම ඉගෙන ගනිමින් ඒ ගැන නිරතුරුව දැනුවත් වෙමින් මේ කටයුතු කරගෙන යනවා.

රජය මගින් වැඩකරණ සතියක් ප්‍රකාශ කරලා තිබුනා. නමුත් ගුරුවරුන්ට  දරුවන්ට ඉගැන්විමට ක්‍රමයක් තිබුණේ නැහැ. මගේ දැක්ම නම් මහින්ද විද්‍යාලය විසින් කරගෙන යන වැඩ සටහන ලංකාවේ අනිකුත් පාසල්වල ගුරුවරුන්ටද කරන්න පුළුවන්. මේ වැඩසටහන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ අධික්ෂණය යටතේ සිදුකරණවා. ඇත්තටම මෙය  වෙනස්ආකාරයේ වැඩසටහනක්” බවද විදුහල්පතිවරයා සදහන් කළේය.



Recommended Articles