ගාල්ල දෙවට මුහුදු තීරයේ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (15දා) සුදානම් වූ අවස්ථාවේ
දෙවට ප්‍රදේශයේදී ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සමින් පිරිසක් විරෝධය පළ කළහ. මේ නිසා ගාල්ල මාතර මහා මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ල විය.
විරෝධතාකරුවන් මහා මාර්ගය අවහිර කරමින් සිටින විට ගාල්ල මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ පොලිසිය මැදිහත්වී මාර්ග බාධක ඉවත් කොට රථවාහන ධාවනයට ඉඩකඩ ලබා දෙනු ලැබිය.
අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට පෙර දෙවට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර තිබු අතර ජල සැපයුමද අත්හිටුවා තිබුණි. ඉදිකිරිම් ඉවත් කරන විට ඇති විය හැකි ගැටුම්කාරි තත්වය මර්ධනය කිරිම සදහා ගාල්ල සහකාර පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් විශේෂ පොලිස් බල ඇණියක්ද එම ස්ථානයට කැඳවා තිබිණ.
ඉන් අනතුරුව බැකෝ යන්ත්‍ර දෙකක් යොදවා වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරිම සිදු කරන ලදී. ගාල්ල දෙවට මුහුදු
තීරයේදී හදුනා ගත් අනවසර ඉදි කිරිම් විසි හතක් ඉවත් කර ගන්නා ලෙස ඒවායේ අයිතිකරුවන්ට මීට පෙර දැනුම් දුන් බව මෙහිදී වෙරළසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ඩබ්ලිව් කේ ජී පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙම අනවසර ගොඩනැගිලි සියල්ලේම පාහේ වැසිකිළි වලවල් මුහුදට හරවා තිබිම නිසා ඒවා කඩා ඉවත් කරන විට අපද්‍රව්‍ය වෙරළටගලා යෑම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිර ගියේය.
මෙම ගොඩනැගිලි අතර නිවාස, හෝටල්, ආපන ශාලා මෙන්ම සංචාරකව්යාපාරික ස්ථානද විය.ඔවුන් පොලිසියට විරෝධය පළ නොකළ අතර අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැඩි ලෙස දොස් පැවරූහ.
දේශපාලඥයින් සහ ප්‍රබල පුද්ගලයින් වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් කර ඇතත් ඒවාට නීතිය බලපාන්නේ නැතැයිද විරෝධතාකරුවෝ පැවසූහ.
රවිඳු දියගහගේ