ෂවින්ද්යා එරන්දතී/ ඡායාරූප - ඉසුරු පෙරේරා
දෙවැනි වතාවටත් දේශපානයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්ෂය නොවිසිරි එක්ව සිටීම තම ජයග්රහණයට වාසිසහගත වන බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අග්රාමාත්යවරයා මේ බව පවසා සිටියේ, ශ්රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (12දා) පැවැති පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් සංස්කරණය ලද 'අපේ සටන කාටුන් ඇසින්' කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී කාටුන් ශිල්පීන් 18 දෙනෙක් විසින් නිර්මාණය කරන ලද කාටුන් ඇතුළත් මෙම කෘතිය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒ සහා සම්බන්ධ වූ කාටූන් ශිල්පීන්ට සමරු තිළිණ සමග පිළිගැන්වීම සිදුවිය.