රට ජාතිය වෙනුවෙන් යුද සේවයට කැප වෙන්නාවූ සෑම රණවිරුවකුම මේ රට ආරක්ෂා කරන්නාවූ දෙවියන් බදු වුවන් වන බැවින් එවන් යුධ සෙබළුන් සිටින හමුදාවක කොටසක් නැතහොත් කොදුනාරටියක් වශයෙන් සැලකෙන බුද්ධි අංශය රටෙහි ජාතික ආරක්ෂාව සදහා විශාල මෙහෙයක් සිදු කරනු ලබයි. රටක යුද හමුදා බුද්ධි අංශයක් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය පාලකයා සහ සමස්ත ජනතාව ම ආරක්ෂා කිරීම සදහාය. ඔවුන් දිවුරුම් දී ඇත්තේ නායකා රකින්නට පමණක් නොව සමස්ත ජනතාවත් රජය්යත් සමග තම මවුබිම රැකිම සදහාය.
එවන් බුද්ධි අංශයක ප්‍රධාන පුරුකව සිටි මේජර් මුතාලිෆ් රණවිරුවාට රුදුරු ත්රස්ත්රවාදීන් අතින් අවසන්න ගමන් යාමට සිදු වූයේ මීට වසර 19 කට ප්‍රථමය. එවකට රජය සහ එල්ටීටීඊ අතර සටන් විරාමයේ කොන්දේසී උල්ලංඝණය කරමින් යුද හමුදාවේ සිටි ඉහළම නිලධාරියෙකු බිල්ලට ගත් සිද්ධිය එදා මෙරට මෙන්ම ජාත්‍යන්තරයද කම්පාවට ලක් කළ සිදුවීමක් විය. එනම් 2025 මැයි මස 31 වන දින උදේ ශ්‍රී ලංකා යුද හමුදා පළමුවෙනි බළකායේ අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටි මේජර් මුතාලිෆ් මහතා මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී කොළඹ නාරහේන්පිට ඇල්විටිගල මාවතේදී රුදුරු කොටි ත්රස්තවාදියෙකුගේ වෙඩි පහරකට ලක්වීමෙණි අවසන් ගමන් යාමට සිදුවිය. එවැනි උපක්රමික ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකුගේ අභාවය මේ රටේ සෑම කෙනෙකුගේම සිත් වේදනාවට පත්කරවන සිදුවීමක් විය.
වසර 19ක් වු සිය හමුදා සේවා කාලය තුළදී මේජර් මුතාලිෆ් මහතා කොටි ඝාතන ලැයිස්තුවේ ද ඉහළින්ම සිටි නිලධාරියෙකු වූයේ ඔහු විසින් එල්ටීටීඊ සංවිධානය දුර්වල කිරීමට හා හමුදාවට තම මෙහෙයුම් සිදුකිරීමට ලබා දුන් දැඩි දායකත්වය හේතුවෙනි. කොටින්ගෙන් තම ජීවිතයට එල්ල වී තිබූ තර්ජනය පිළිබදව ද නොතකා මේ රට වෙනුවෙන් තම ජීවිතය කැප කළ රණවිරුවන් අතරට එක්වන්නාවූ තවත් අභීත රණවිරුවෙකි.
දිගු කාලයක් තිස්සේ සතුරා ලුහු බැදීමට ලක්ව සිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව දැන දැන තම රාජකාරියෙන් පළා නොගොස් සැබෑ යුද සෙබළෙකු තුළ තිබිය යුතු උතුම් ගුණාංග වලින් සමන්විත වූ මෙම නිලධාරියා තම රාජකාරියම අකුරට ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් ත්‍රස්තවාදින් සිදුකරන ලද රහසිගත මෙහෙයුම් අඩපන කිරීම සදහා සිය සුක්ෂම දැණුම සමග තම කණ්ඩායම් මෙහෙයවමින් සිදුකළ අමිල සේවය නිසා සතුරාගේ තර්ජනයට මෙම නිලධාරියා නිරතුරුවම ලක්වන ලදි. ඔහුටම ආවේණික බුද්ධි ක්‍රියාන්විතයන් තුළින් වන්නි කලාපයේදී ත්රස්තවාදීන් ඔද බිදීමට ඔහු ලබාදුන් අනුපමේය සේවය ඉතිහාසය පුරා ලියවෙනු ඇත.
මෙහි සංවේදීත්වය එවකට සටහන් වුයේ ඇයගේ නැගණිය විසින් එවකට මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය හේතුවෙනි. “අණ දෙන නිලධාරියෙකු ලෙස මගේ අයියා සේවය කරමින් සිටියදී ඔහුට නිතරම මරණිය තර්ජනයන් එල්ල වුණා. නමුත් ඔහු එම මරණීය තර්ජනයන් ගණන් ගත්තේ නැහැ. අයියා තම පවුලට පුදුම ආදරයක් දැක්වූවා ඒ වගේම තම රාජකාරියටත් පුදුම ආදරයක් දැක්වූවා ඒ නිසාම ඔහු නිල ඇඳුමින් අවසන් ගමන් ගියා යැයි අගේ නැගණියද පවසා ඇත.” තවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”
මිනීමරු කොටි ත්රස්තවාදයට එරෙහිව අභිතව මවුබිමේ ඒකියභාව වෙනුවෙන් ජිවිතය පුද කළ විශිෂ්ට ගණයේ දේශප්රෙමියකු වන මේජර් මුතාලිෆ් රණවිරුවාට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුය. ජනවාර්ගික භේද ඉස්මතු කර සමාජය භේද කරන බෙදුම්වාරදී බලවේගවලට මුස්ලිම් ජාතිකයෙකුව සිට රට ජාතිය වෙනුවෙන් මුතාලිෆ් මහතා කළ මෙහෙය මනා පිළිතුරක් බවද ජාතියට ආදර්ශයක් බවද ප්‍රකාශ කර සිටිමු. ඔහුගේ සේවයෙහි අමිල වටිනාකම වර්ථමානයේදී ද ජාතික ආරක්ෂාව වෙනුවෙන් වඩවඩාත් දැනෙණු ඇත.