කෝවිඩ් 19 න් සුවය ලැබූ චීන කත රෝහලින් පිටව යයි


කොවිඩ්-19 වෛරසය ආසාදනය  වීම හේතුවන්  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ‍ ප්‍රතිකාර ලබා සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19දා) රෝහලින් පිටව ගියාය

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා  සහ  ඇයට ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලය  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ඇය මාධ්‍ය අමතමින් තමන්ට සහාය දුන් සියල්ලන්ටම ස්තූතිය පුද කළාය.

ඡායාරූප ළහිරු හර්ෂණ



Recommended Articles