රුපියල් කෝටි ගනනක් වටිනා චීන දුම්රිය මැදිරි තොගයක් පුත්තලම දුම්රිය ස්ථානය අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.
මැදිරි 10 කින් සමන්විත මෙම චීන දුම්රිය මැදිරි මාස දෙකකට පෙර පුත්තලම දුම්රිය ස්ථානයට ගෙන විත් දමා තිබෙන ආකරය දැක ගත හැක.
මෙම චීන දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ එවකට ප්‍රවාහන ඇමතිවරයකු ලෙස කටයුතු කල ඩලස් අලහප්පෙරුම මහතාගෙ මැදිහත් විමේන් 2009,2010 වසර වලදී කියයි.
ඒ සමයෙ දුම්රිය චීන දුම්රිය මැදිරි 100 ක් ශ්‍රී ලංකාවට ගෙන විත් ඇති දුම්රිය වෘත්තිය සමිති පවසයි.
මෙම දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර සිට දුම්රිය වෘත්තීය සමිති චින දුම්රිය මැදිරි වල තිරිංග පද්ධතිය සම්බන්ධව පවතින ගැටළු සම්බන්ධව එවකට ප්‍රවාහන ඇමතිවරයා වු ඩලස් අලහප්පෙරුම මහතාට මේ තත්වය පිළිබදව විරෝධය පා තිබුනද එය නොතකමින් දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුවු බව දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරති.
කෙසේ නමුත් එසේ රැගෙන ආ චීන දුම්රිය මැදිරි 100 ක සංඛ්‍යාවෙන් මේ වන විට සුළු ප්‍රමානයක් පමනක් ධාවනයට එක්කර තිබුනද විශාල මැදිරි සංඛ්‍යාවක් ධාවනයට නොගෙන ඉවත් කර ඇත්තේ රුපියල් කෝටි ගනනක් මුදල් රටට අහිමි කරමින් ඇති බව වෘත්තිය සමිති චෝදනා එල්ල කරති.
දුම්රිය මැදිරි මෙසේ ඉවත් කිරීමත් සමග දුම්රිය මගින්ට බරපතල අසාධාරණයක් සිදුකර ඇති බවත් රටට විශාල මුදල අහිමි කිරීමට සියලු අංශ වගකිව යුතු බව ජනතාව පවසති.
මෙසේ භාවිතයට නොගෙන ඉවත් කර ඇති මේ වන විට පුත්තලමේ තිබේන චීන දුම්රිය මැදිරි අතර දෙවන පංතියෙ වෙන්කල ආසන සහිත මැදිරි දෙකක් ද ඇති ආකාරය දැක ගත හැකිය.
මෙම මැදිරි දෙක ඇතුළු අනිකුත් සියලුම මැදිරි මේ වන විට ද ඇත්තේ භාවිතා කිරිමට හැකි ඉහලම තත්වයෙ වන අතර ඒවා මෙසේ ඉවත් කර තිබිම රටේ මුදල් විනාශ කිරීමක් බව ජනතාව චෝදනා නගති.
මෙම මැදිරි තුල ඇති ආසන හා අනුකුත් පහසුකම්ද ඉහල තත්වයේ පවතින ආකාරය දැක ගත හැකිය.
මේ පිළිබදව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලියු.ඒ.ඩි.එස්.ගුනසිංහ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකි.
“මම මේ පිලිබදව දැනුවත් නැහැ .මම වැඩ බාර අරන් දැනට සුළු දින ගනනක් ගතව තිබෙන්නේ.ඒ නිසා මම ඒ ගැන සොයා බලා ගත හැකි ක්‍රියා මාර්ග ගැනිමට සුදානම්”