කෝච්චිකඩේ දේවස්ථානය නාවික හමුදා සහායෙන් පිරිසිදු කිරිම අරඹයි


ඉකුත් 21 වෙනිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන්ගේ ඉරුණු ප්‍රහාර හමුවේ මෙරට දේවස්ථාන කිහිපයක්ම විනාශ විමකට ලක්විය.

කොළඹ කෝච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසකර කිරිම අද (28) දිනයේ ශ්‍රි ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ දායකත්වය යටතේ පිළිසකර කිරිම ආරම්භ විය.

නාවික හමුදාවේ විවිධ අංශයන්හි දායකත්වය  යටතේ මෙම දේවස්ථානය කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත් කිරිම සඳහා කටයුතු කිරිමට පියවර ගනු ඇත.

ඡායාරූප - ශමීර රාජපක්ෂ



Recommended Articles