කොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.
මීට පෙර යුද හමුදා පොලීසියද ඒ වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගත්තේය. ජනපති ගේඨාභය රජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබේ.
ඊයේ (25දා) දිනයේ සිට නාවික හා ගුවන් හමුදා සාමාජිකයන්ද මේ වෙනුවෙන් යෙදවීමට පියවර ගත්තේය.
මෙහිදී කොළඹ නගර සීමාවේ රථවාහන පාලන රාජකාරි කාර්යක්‍ෂමව සිදු කිරීමටත් එමගින් දෛනිකව රථ වාහන තදබදය හේතුවෙන් සිදු වන කාලය අපතේ යෑම සහ වායු දූෂණය වැළැක්වීමත් අපේක්‍ෂා කෙරේ.