කොළඹ පෝස්ටර්


නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් කොළඹ නගරය පුරා බොහෝ ස්ථාන වල විශාල වශයෙන් දැන්වීම් පුවරු හා පෝස්ටර් දැක ගැනීමට හැකිය. කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණ සමයේදී මේ ආකාරයෙන් විශාල ලෙස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් එවකට ජනපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රජපක්ෂ මහතාට විශාල විවේචනයක් එල්ල වන්නට විය.

අනෙක් අතින් පසුගිය ජනපතිවරණ සමයේදී  එවකට පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන්වීම් හා පෝස්ටර් වෙනුවෙන් යන වියදම් නවත්වා එම වියදම් වකුගඩු රෝගීන් වෙනුවෙන් වූ අරමුදලකට බැර කරනු ලැබීය. මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය. අනෙක් අතින් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්තීමය වශයෙන් කටයුතු කරමින් තිබෙන ආකාරයක මෙම දැන්වීම් පුවරු හරහා සිදුවන්නේද පරිසර විනාශයකි.

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles