කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයාට ගත හැකි සේ සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.
ඒ අනුව කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
වසර 100කට වඩා පැරණි කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි කඩා වැටීමට පෙර නිසි පරිදි අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් 2015 වසරට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණි.
නමුත් 2015 සිට වසර 4 1/2 කට ආසන්න කාලය තුළ කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමේ කටයුතු කිසිදු ආකාරයකින් සිදු නොවීය.
මේ නිසා කොළඹ නගරයේ ඇතැම් පැරණි ගොඩනැගිලි විශාල වශයෙන් ගරාවැටී කඩාවැටීමට ආසන්න මට්ටමකට පැමිණි අතර ඇතැම් පැරණි ගොඩනැගිලිවල ඇතුළත බදාම තට්ටු කඩාවැටී තිබුණු අවස්ථා පිළිබඳව ද වාර්තා විය.