කොළඹ - යාපනය ගුවන් ගමන් ඇරඹේ


කොළඹ හා යාපනය අතර සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ විය.මේ අනුව ඊයේ (01දා) දින රත්මලාන ගුවන්තොටුපළේ සිට 4R –EXN නැමති ගුවන් යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපළ දක්වා මගීන් රැගෙන එනු ලැබීය.

 අනතුරුව නැවත යාපනයේ සිට කොළඹ දක්වාද ගුවන්ගමන් කටයුතු සිදු විය.

මීට පෙර පලාලි සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන්ගමන් කටයුතු ආරම්භ වූ අතර ඊට සමගාමීව අභ්‍යන්තර ගුවන්ගමන් කටයුතුද ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

කොළඹ සිට යාපනය දක්වාත් යාපනය සිට කොළඹ දක්වාත් මගියෙකුට එක් ගමන්වාරයකට රුපියල් 7500 බැගින් රුපියල් 15,000 මුදලක් අය කෙරෙන අතර මීට පෙර (යුද්දයට පෙර) අදාළ ගමන් වාරයන්ට රුපියල් 33,000 ක මුදලක් මගියෙකුගෙන් අය කෙරී ඇත.

සාම ගිවිසුම් සමයේදී යාපනය හා කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සිදු කෙරුනු අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් සිවිල් ගුවන්යානා වෙතට ප්‍රහාර එල්ල කිරීමත් සමග අභ්‍යන්තර ගුවන්ගමන් කටයුතු සියල්ලක්ම සම්පූරණයෙන් නැවතුණි.



Recommended Articles