හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර මේවන විට ද කොරෝනා රෝගීන් සඳහා ම වෙන් වූ හෝමාගම මූලික රෝහලේත්, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේත් සාර්ථකව ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය අංශයේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගයෙන් යුතුව මෙම රොබෝ යන්ත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය දියත් කළේය. මෙම නවත ම රොබෝ යන්ත්‍ර උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කිරීම, එම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්රණ පහසුකමින් ද යුතුවන අතර රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද සමන්විත බැවින් රෝගීන් සමග සෘජුව සම්බන්ධ වීම පාලනය කරමින් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරේ.
ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කෘත්‍රිම බුද්ධිමය (Artificial Intelligence) නවෝත්පාදන ගමනේ එක් අදියරක් ලෙස එම සමාගමේ නිෂ්පාදන සහ ඉංජිනේරු කණ්ඩායම විසින් මෙම රොබෝ යන්ත්‍ර ආකෘතිය මුල් වරට නිර්මාණය කරන ලද්දේ එහි කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහාය.
වසංගත තත්ත්වය උද්ගත වීමත් සමග එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/මෙහෙයුම් අධ්යක්ෂ විරාජ් මහතාගේ මූලිකත්වයෙන් එම රොබෝ ආකෘතිය සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා අනුව වැඩිදියුණු කෙරිණි. දයාන් හර්ෂ (තාක්ෂණ ප්‍රධානී), විජිත මුතුගල (ප්‍රධාන ඉංජිනේරු), සිරන්ත චූලරත්න, අනුරාධ නුවන්, ප්‍රසාද් නිරෝෂණ, එරන්ද අමිල, ජනක ලසන්ත, නිශාන්ත කුමාර, ශාලික අමරතුංග, ගයාන් අසංක සහ කුෂාන් නානායක්කාර යන පිරිසගෙන් සැදුම්ලත් තාක්ෂණ ඉංජිනේරු කණ්ඩායම දැඩි කැපවීමෙන් යුතුව මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීමට ඉදිරිපත් විය.