කොරෝනා වෛරසයෙන් අත්මිදේවා යැයි පතමින් බෝධි පූජාවක්


නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී අද (05දා) පස්වරුවේ පැවැත්වීය.

ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කළේය.

ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ස්වාභාවික විපත් වූ සුනාමි, ගංවතුර, නායයෑම් වලදී මෙන්ම යුධ බිය, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලදීද චීනය සෑම විටම ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාවට ශක්තියක් විය.

මහජන චීන සමූහාණ්ඩුව හා එහි ජනතාව මුහුණ පා සිටින මෙම අපහසු අවස්ථාවෙදී ශ්‍රී ලංකාවද ශක්තියක් විය යුතු බව ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ තත්ත්වයන් මැඩපවත්වා හැකි ඉක්මිනින් චීනයට යථා තත්ත්වයට පත්වීමට හැකිවේවායි ආශීර්වාද කරමින් මෙම බෝධිපූජා පිංකම පැවැත්වීය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles