කොරෝනා ඡායාරූපයේ ඇත්ත කථාව


‘කොරෝනාව ලංකාවෙන් තුරන් කරපු ජනපතිට හා අගමැතිට අපෙන් සුබ  පැතුම්’  යනුවෙන් සඳහන් කරමින් ජනපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙත් ඡායාරූප රැගත් විශාල බැනරයක් රැගෙන යන මිනිසුන් කිහිප දෙනෙකු ඇතුළත් ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

කෙසේ වෙතත් මෙම ඡායාරූපය ව්‍යාජව පොටොෂොප් මගින් සකස් කළ ඡායාරූපයක් බවට මේ වන විට හෙළිව තිබේ.

ලොකප්‍රකට AFP වෙබ් අඩවියට සම්බන්ධ දේශීය ඡායාරූප ශිල්පියෙකු වන ඉෂාර එස්. කොඩිකාර මහතා මෙහි සත්‍ය ඡායාරූපය කැමරාගත කර තිබුණි.

ඒ පිළිබදව AFP වෙබ් අඩවියද සිය Fact Check හි වාර්තාවක් ඉදිරිපත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ඡායාරූපය ව්‍යාජ එකක් බව සඳහන් කර තිබේ.

ව්‍යාජව සකස් කළ ඡායාරූපය

 

 


සත්‍ය ඡායාරූපය



Recommended Articles