කොච්චර හොඳ කළත් රටේ බැනුම් අසන කණ්ඩායම් දෙකක් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අද (03දා) යෙදී තිබූ 152 වැනි පොලිස් දින සැමරුමට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.
ඉන් එක් කණ්ඩායමක් පොලීසිය බවත්, අනෙක් කණ්ඩායම දේශපාලනඥයන් වන අතර, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී රට තුළ නීතිය සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම හේතුවෙන් අපරාධවලින් 35%ක් අඩුවී තිබෙන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.
මීට අමතරව 2017 වසරේ වාර්තා වූ අපරාධ 35971ක ප්‍රමාණයෙන් 79%ක් විසඳීමට පොලීසියට හැකිවී තිබෙන බවත්, මෙම කලාපයේ රටක් ලෙස එය ඉතාමත් හොඳ තත්ත්වයක් වන අතර, මේ නිසා තමා පොලීසියට ස්තුති කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ / ඡායාරූප - ඉසුරු පෙරේරා