හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
ඇලහැර - මිනපුර ගම්මානයේ පදිංචි ඩබ්ලිව්.ජි.චන්ද්‍රසේන බංඩා (45)මහතා විසින් මෙම බුද්ධ මන්දිරය පසුගිය දා (09) මිනිපුර, කරදගොල්ල සමනල සිගිති පෙරපාසලේ ඉදිකර එහි දු දරුවන්ට හිමිකර දි තිබේ.
කුලී රැකියාවල නිරතවෙමින් උපයාගත් මුදලින් මොහු මෙම බුද්ධ මන්දිරය ඉදි කරවා ඇත.
තවද මෙම පිංකමට අමතරව ධර්මාසනයක් හා මේසයක් වත්මන් අගමැති දිනේශ් ගුනවර්ධන මහතාගේ පියාණන් වන පිලිප් ගුනවර්ධන මහතාට පිං පිනිස කරදගොල්ල විහාරස්ථානයට පූජා කිරිමක් ද සිදුකර තිබේ.
ප්‍රදේශයේ විවිධ පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට බුද්ධ මන්ධිර පහක් ඉදිකර ඇති ඩබ්ලිව්.ජි.චන්ද්‍රෙස්න බණ්ඩා මහතා ගජබා රෙජිමේන්තුව යටතේ සේවය කල යුධ හමුදා සෙබලෙකි.
නාවුල ඉන්දික