දෙනෙත් පෙනෙන්නටත් කලියෙන් මාපිය උණුසුම සහ රැකවරණය අහමිවී ගිය ලේකැටි ජම්බු කොට්ටෝරු පැටෙයෙකු මාපිය උණුසුම තරම් නොවුණත් ඒ හා සමාන උණුසුමක් ලබාදෙමින් ආරක්ෂා කොට රැකවරණය දෙන බෝසත් බළලකු පිළිබදව අපූරු පුවතක් බලපිටිය හීනටියෙන් වාර්තා වෙයි.
මේ අපූරු ළබැදියාව අපිට දක්නට ලැබුණේ පරිසරවේදී බලපිටිය හීනටිය ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතාගේ නිවසේදීය.
සාමානයයෙන් බළලෙකු කුරුල්ලෙක් දැක්ක සැනින් ඌට කුරුමානම් අල්ලා දඩයම් කරනුයේ මස් පිණිසය. නැතහොත් පැවත එන දඩයක්කාර කම ඇගේ තිබේය පෙන්වීමටය. එවන් වටපිටාවකදී දෑස් නොපෙනෙ කුරුළු පැටෙයෙක් බළලකුට හසුව හොත් ඌට දෙවියන්ගේම පිහිටය.
එහෙත් මේ ජම්බු කොට්ටෝරු පැටියාගේ සුළු මව ලෙස කියා කරන මේ බළලානම් බෝසත් බළලෙක් බව ඒ පිළිබද දන්නා අය කියති. කූඩුව බිමට කඩා වැටී තිබියදී මහ පාර අයිනේ මහ හඩින් කෑ ගසමින් සිටි මේ දෑස්වත් නෑරුණු ජම්බු කොට්ටෝරු පැටියා ජැක්ෂන් මහතාට හමුවනුයේ අම්බලන්ගොඩ කළුවඩුමුල්ල වැඩකට ගොස් එමින් සිටියදීය.
දෑස්වත් ඇරී නැති මේ ජම්බු කොට්ටෝරු පැටියා දුටු බොහෝ අය කීවේ ඌ ලොකු මහත් කිරීමට නොහැකි බවය.ඒ කතා සතේකටවත් මායිම් නොකළ ජැක්ෂන් මහතා ඌව නිවසට ගෙනවිත් පළතුරු කුඩාවට කඩා හොටෙන් පහළට ඇතුළත් කරමින් කැව්වේය.පෙව්වේය.
මේ කුඩා කුරුලු පැටිය ගැන තවත් ඇස ගසාගෙන සිටි අයෙක් සිය නිවසේ සිටින බව ජැක්ෂන් මහතා දුටුවේය.ඒ සිය නිවසේ සුරතලාවූ බළලාය.ජම්බු කොට්ටෝරු පැටියා කෑගසන සෑම මොහොතකම මොන කාර්යක නිරතව සිටියද බළලා සැනින් දුවගෙන එන්නේ කූඩුවේ සිටින මේ පැටියා ළගටය.මුලදි මුලදී ජැක්ෂන් මහතා සිතුවේ බළලාගේ මේ උනන්දුව ජම්බු කොට්ටෝරු පැටියා දඩයම් කිරීමට යන්නය.එහෙත් බළලාගෙන් එහේම දෙයක් දක්නට නොවූයෙන් ජම්බු කොට්ටෝරු පැටියා බළලා ළගට කිට්ටු කළේ බළලාගේ මේ උනන්දුවේ තරම බලා ගැනීමටය.
ඒ සමගම බළලා ජම්බු කොට්ටෝරු පැටිය සිය මුවෙන් උගේ කකුල් අස්සට තල්ලු කර ගෙන පැටියා ලෙව කෑවේ ජැක්ෂන් මහතාගේ දෙනෙත් පුදුම කරවමිනි.දෑස් නොපෙනෙන ජම්බු කොට්ටෝරු පැටියාද බලලාට තව තවත් තුරුලුයේ ඉපදුණු දා සිය මව් කිරිල්ලියගේ අත්තටු අස්සට රිංගා උණුහුමට ගුලි වන්නාසේය.
මේ සුසයෝගය දින ගණනාවක් පවතිමින් සිටියදී ජම්බු කොට්ටෝරු පැටියාගේ දෙනෙත් පෙනෙන්නට ගත්තේය.එහෙත් වෙනසක් නැත්තේ තාමත් ජබ්බු කොට්ටෝරු පැටියාබළලාගේ උණුසුම මධයයේ උගේ ආරක්ෂාව යටතේ ජැක්ෂන් මහතාගේ නිවසේ සිටීමය.
නිවැසියන්ට හැර මේ ජම්බු කොට්ටෝරු පැටියාට වෙන කිසිවෙකුට කිට්ටුවීම බොරුය.එසේ වුවහොත් බලල් පහරයෙන් බේරීමට නම් ඒ අයට ලොකු වෙහෙසක් ගැනීමට සිදුවෙති.ඒ තරමටම ජම්බු කොට්ටෝරු පැටියා ආරක්ෂා කිරීමට මේ බෝසත් බළලා ඇපකැපවී සිටියි.