13 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.
මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් කමිටවේ සභාපති ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පත්කර තිබේ.
සෙසු සාමාජිකයන් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක මහතා, පුරාවිද්‍යාඥ ටී.ජී. කුලතුංග, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මියයි.
මෙම ගොඩනැගිල්ල 1940 අංක 40 දරණ පුරාවස්ත ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්ථානයකි.
මෙහි වාර්තාව ජුලි මස 23 දාට පෙර ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.