කුරහන් පාට දුම්රිය මැදිරි හෙට එයි


ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත කුරහන් පැහැයෙන් යුතු ඉන්දියානු මැදිරි දහයක් හෙට දින කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද (8දා) රත්මලානේදී පැවැසීය.

ගෙන්වීමට නියමිත කුරහන් පැහැයෙන් යුතු මැදිරි පිළිඹඳව අප කල විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් මෙසේ ගෙන එන බව ඒ මහතා පැවැසීය.

මෙම එක මැදිරියක් සඳහා වැය වන මුදල මිලියන අසුවක් බවද ඒ මහතා පැවසීය.

එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බවද පැවසීය.  මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බව සඳහන් කරන ඒ මහතා ගෙන්වනු ලබන එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිත බවද පැවසීය.

මෙරටට ගෙන්වීමට නියමිත දුම්රිය මැදිරි 160 යටතේ භාණ්ඩ ප්‍රවාහන මැදිරි, තුන්වෙනි පන්තියේ මැදිරි, දෙවන පන්තියේ මැදිරි, වායුසමනය කළ මැදිරි, අවන්හල් වර්ගයේ මැදිරි ඇතුළත් බවද ඒ මහතා පැවැසීය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා



Recommended Articles