කිළිනොච්චියට නැවතත් වැසි


කිළිනොච්චිය දිස්ත්‍රීක්කයට ඊයේ(27) රාත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.

මේ අතර ගංවතුර අඩුව ගොස් ඇති කිළිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේදී යුධ හමුදාව සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මඩවලින් පිරී ඇති සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්හි පිහිටි ළිං පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව උතුරු නාවික විධානයේ නාවික හමුදා සෙබළුන් 76 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 15ක් විසින් ළිං පිරිසිදු කිරීමේ උපකරණද සහිතව පැමිණ 57 වන සේනාංකයට අනුයුක්ත වී 571 සහ 572 බලසේනාවන්හි යුධ හමුදා සෙබළුන්ගේද සහය ඇතිව මේ වන විට විපතට පත් වැසියන්ගේ ළිං පිරිසිදු කරදීමේ කටයුතු අරඹා ඇත.




Recommended Articles