නොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.
මහවිරු සැමරුම දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
කිලිනොච්චිය මහවිරු සැමරුමට අමතරව උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හීද පැරණි මහවිරු සුසාන භූමි වලදී මහවිරු සැමරුම් පැවැත්විණ.
මෙවර උතුරේ පැවති කිසිදු මහවිරු සැමරුමකදී කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ ධජයක් මෙන්ම වෙනත් නීති විරෝධි සැමරුමක් දකින්නට නොලැබීමද විශේෂ සිදුවීමක් විය.