ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ සාලිය හස්තියා වාර්ෂික මද කිපීමෙන් පසුව බැහුම් ලිහීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව ඊයේ (10) විහාරස්ථ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී එම කටයුතු සිදුකෙරිණි.
මෙම හස්තියා 1998 වර්ෂයේදී පින්නවල අලි අනාථාගාරයේදී උපත ලද අතර 2003 වර්ෂයේදී එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට කිරිවෙහෙර රජමහා විහාරාධිවිහාරාධිපති හිමි ලෙස කටයුතු කළ ඌව-වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නායකස්වාමීන්ද්රයන් වහන්සේ වෙත පරිත්‍යාගකර තිබිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක