කිරි ගවයින්ට කන්න තණකොළ නෑ, ගොවීන් විරෝධතාවක


පවතින දැඩි වියළි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැති බව පවසා ඊයේ (02) දින කිරි ගොවීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ කිරි ගොවීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායකට ඔවුන්ගේ කිරි ගවයින් විශාල ප්‍රමාණයක් මෙලස රැගෙනවිත් විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

සෑම වසරකම ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන් සිදුකිරීම ගෙවතු වගාව හේන් වගාවන් ආදිය සිදු වීම හේතුවෙන් සිය කිරි ගවයින්ට තණකොළ ආහාරයට ලබාදීමට භූමියක් නොමැතිවීම මෙන්ම පවතින දැඩි නියං තත්වයද හේතුවෙන් ගෙවතුවල පිහිටි තණ භූමියද සම්පූරණයෙන්ම විනාශ වී ගොස් ඇති හෙයින් ගවයින්ට තණකොළ ආහාරයට ගැනීමට නොහැකි වීමෙන් සිය කිරි නිශ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කොට තමන්ට විසඳුමක් ලබාදෙන ලෙස කිරි ගොවූහු ඉල්ලා සිටියහ.



Recommended Articles