කිදෙල්පිටියේ වලව්වක මහා පරිමානයෙන් කසිප්පු පෙරලා


බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රසිද්ධ පැරැණි වලව්වක් කුලීපදනම මත ලබාගෙන පවත්වාගෙන ගිය, මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව පානදුර වලාන මධ්‍යම දුෂණ  මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් ලක්ෂ තිහකට පමණ ආසන්න වටිනා නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා  බැරල්  28 ක බහා තිබූ ගෝඩා මිලිලිටර් 52 ලක්ෂ 92000 ක , පෙරන ලද නීති විරෝධී මත්පැන් බෝතල් 400ක් , කිලෝ 50 සීනි මිටි 6 ක්,ගෑස් ලිප් 9 ක්, සිලින්ඩර් 2 ක්,  ලිටර් 25 ක් පමන දැමිය හැකි ප්ලාස්ටික් භාජන 10 ක් හා  යිස්ට් පැකට් තොගයක් ඇතුළු උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

වලව්වේ කුලී පදනම මත සිටින පුද්ගලයා කිසියම් නීති විරෝධී කටයුත්තක නිරත වන බවට සැකයක් පවතින බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ පොලිස් කොස්තාපල් (92896) අකිල නිලධාරියාට ගම්වාසීයෙකුගෙන් ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව එම නිලධාරියා දින කීපයක් තිස්සේ තොරතුරු සොයා බලා සිය ප්‍රධානීන්ට දැනුම් දීමෙන් අනතුරුව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි

 එම වලව්ව කුලී පදනම මත ලබාගත් හිරණ ප්‍රදේශයේ පුද්ගලයකු පානදුර උතුර බෙක්කේගම  ඔහුගේ මිතුරකු ද සහභාගී කරගෙන නිවසේ කාමර දෙකක  නවීන තාක්ෂණය යොදා ගෙන ඉතා සැලසුම් සහගතව මෙම මත්පැන් ඉස්කාගාරය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එම නිවසේ පදිංචි කරුවන්  ඳෙල්පිටිය ප්‍රදේශවාසීන් නොමඟ යැවීමට  ලව්ව ඉදිරිපිට කුඩා වෙළඳසැලක් ලෑලිවලින් අටවා ආහාර ඇණවුම් සහ මීකිරි ඇනවුම් භාර ගැනීම සිදුකරන බවට දැන්වීමක් ප්‍රසිද්ධ කර නිවස තුළ  ජයටම කසිප්පු පෙරා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම ස්ථානයෙන් පෙරන ලද කසිප්පු ස්පිතු ටිපර් රථ ඇතුළු විවිධ වාහනවලින් කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව කොළඹ දිස්ත්‍රික්කය තුළ ද බෙදා හැර ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය 

වයස අවුරුදු 26 හා29 පසුවන අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ දේපල පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බණ්ඩාරගම පොලීසිය වෙත භාරදී ඇත.

 



Recommended Articles