කැළඹුන කාලගුණය


දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිිිිිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ. 


පවතින අයහපත් කාලගුණයෙන් බලපෑ වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 200 කට අයත් පුද්ගලයින් 629 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමණාකරන ඒකකයන් පෙන්වා දෙයි.

මේ අනුව වව්නියාව ,මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්ට මෙලෙස සුලං හා වර්ෂාව හේතුවෙන් බලපෑම එල්ල වී ඇති අතර පීඩාවන්ට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  06කට අයත් පවුල් 1642ක පුද්ගලයින් 7031ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

බෝපේ පොද්දල ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි අයකු තුවාල ලබා සිටින අතර අර්ධ වශයෙන්  නිවාස 20කට හානි වි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය. අයහපත් කාලගුණික තත්ත්වය ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර,බොපේ පොද්දල, අක්මිමන, නියාගම, ඇල්පිටිය, හා නාගොඩ  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට බලපා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මේ අතර අද උදැසන හයෙන් අවසන් වු පැය 24 තුල ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනයක් ලැබි ඇත්තේ නාගොඩ වෙම්බඩ ප්‍රදේශයෙන් වන අතර  මිලිමිටර් 295ක වර්ෂාපතනයක් පතිත වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම යටලමත්ත ප්‍රදේශයට මිලිමිටර් 235ක ගාල්ල මිලිද්දුව ප්‍රදේශයට මිලිමිටර් 180ක හා බෙන්තොට ප්‍රදේශයට මිලිමිටර් 137ක වර්ෂාපතනයක් පතිත වි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

වව්නියාව මධුශංක අමරසිංහ


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විදුහලට අද (02දා) පැමිණි 6 ශ්‍රේණියේ සිසුන් 100 කට ආසන්න පිරිසක් ආපසු තම නිවාස වලට රැගෙන යාමට දෙමව්පියන් කටයුතු කර තිබුණි.

හැටන් බොස්කෝ විදුහලේ අවු 80 කට වඩා ඉපැරණි ගොඩනැගිල්ලේ 6, 7 ශ්‍රේණිවල පන්ති පවත්වාගෙන යන බවත්, ඉන් 6 ශ්‍රේණියේ සිසුන් අධ්‍යාපනය ලබන ගොඩනැගිල්ලේ කොටස දැඩිව අබලන්ව පැවතිම නිසා පවතින වාර්ෂාවත් සමග සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අපහසු බව පවසමින් දෙමව්පියන් සිය දරුවන් ආපසු නිවාස කරා රැගෙන යනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපාද යටතේ හැටන් බොස්කෝ විදුහලට තෙමහල් ගොඩනැගිල්ලක් අලුතින් ඉදි කර ඇති බවත් , එම ගොඩනැගිල්ල තුළ 6 සහ 7 ශ්‍රේණි වල පන්ති පවත්වාගෙන යාමට හැකියාව තිබියදි විදුහල්පතිවරයා විසින් එම ශ්‍රේණිවල සිසුන් නව ගොඩනැගිල්ලට ඇතුළත් කර නොගන්නා බවයි දෙමව්පියන් චෝදනා කරයි.

හැටන් රංජිත් රාජපක්ෂ



Recommended Articles