අධික තරබාරු උදරයකින් යුතු කාන්තාවකට මහනුවර පෞද්ගලික රෝහලකදී ලයිපොෂක්සන් තාක්ෂණය භාවිතා කරමින් සාර්ථකව සිදුකළ සැත්කමකදී ඇයගේ උදරයෙන් තෙල් ලීටර 13.5 ක ප්‍රමාණයක් ඉවත් කොට තිබේ .
පානදුර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමක 61 හැවිරිදි ගුරුවරියකට එම වාර්තාගත සැත්කම සිදුකොට ඇත්තේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසිනි .
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පවසන්නේ මෙය ලෝක වාර්තාවක් ද විය හැකි බවයි .
ශරීරය අධික තරබාරුවීම හේතුවෙන් මෙම විශ්‍රාමික ගුරුවරිය අධික රුධිර පීඩනය, කොන්දේ වේදනාව, ඇවිදීමට අපහසුවීම ඇතුළු රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටි බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසනුයේ .
එම රෝගී තත්ත්වයන් හේතුවන් විශ්‍රාමික ගුරුවරිය දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් ඉන් සුවයක් නොලැබීම හේතුවෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ඇයගේ තරබාරුකම අඩු කිරීම සඳහා මීට මාස තුනකට පෙර අවදානම් සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව ඇයට අපහසුවකින් තොරව ඇවිදීමේ හැකියාව ලැබුණු බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ .
එම සැත්කමෙන් පසුව වුවද විශ්‍රාමික ගුරුවරයෙක්ගේ උදරයේ අඩුවීමක් සිදු නොවීම හේතුවෙන් ඇයට ඉහත ලිපෝෂක්සන් සැත්කම සිදුකොට තිබේ .
එම සැත්කම මගින් ඇයගේ උදරයේ තෙල් ලීටර් 13.5ක ප්‍රමාණයක් ඉවත් කොට ඇති අතර මනුෂ්‍යයකුගේ උදරයකින් මෙතරම් තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීම දුර්ලභ අවස්ථාවක් බව පවසන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා එම ශල්‍ය කර්මයෙන් පසු රෝගියාට කිසිදු සංකූලතාවයක් ඇති නොවීමද විශේෂ සිදුවීමක් බවද පවසයි .