විශ්ව විද්‍යාල විද්‍යායතන තුළ කප්පාදු කල උපාධිය රැකගැනීමේ අරමුණින් සිසුහු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුහ.
2014 ඔක්තෝම්බර් 03 වන දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව විශ්ව විද්‍යාල විද්‍යායතන හරහා උපාධිය ලබාදෙන බව සඳහන් කර තිබුණද එය උසස් ජාතික ඩිප්ලෝමාවක් දක්වා පහත දැමීමට රජය කටයුතු කරන බව අන්තර් විශ්ව විද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රුවන් සංක මහතා සඳහන් කළේය.
නව විශ්ව විද්‍යාල විද්‍යායතන 300 ඉදිකිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන යෝජනාවට කිසිදු විරෝධතාවක් නොමැති වුවද ඒ මහතා පවසන පරිදි සුදුසුකමක් ඒ හරහා ලබාදෙන බැවින් දැනට පවතින විශ්ව විද්‍යාල විද්‍යායතන සිසුන් හදාරන පාඨමාලා 24ක් උපාධි සුදුසුකම් මහපොළ සහ නේවාසිකාගාර පහසුකම් අහිමිවන බව ඒ මහතා පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා (29 දා) පැවති පාගමනින් අනතුරුව පැවති සාකච්ඡාවේදී මෙම බදාදා වන විට විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් සාධාරණ විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක නිරත වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු