කටුනායක පිටත්වීමේ පර්යන්තයට ස්වයංක්‍රීය නිශ්කාශන යන්ත්‍ර


කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර සදහා  ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සිය අරමුදල් ආයෝජනය කර තිබේ .

ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර මගින් ගුවන් මගීන්ට තම ආසන තෝරා ගැනීම (Seat Selection) , ඔවුන්ගේ  ගුවන් ප්‍රවේශ පත්‍රය මුද්‍රනය කර ගැනීම ( BoardingPass Printing ) සහ ගමන් මලු ටැග් පත මුද්‍රනය ( Bag Tag Printing )  කර ගැනීම යන කාර්යයන් තුනක් ඉටු කර ගත හැකිය'

ඉන්පසු එම ගුවන් මගීන් ස්වයං සේවා ගමන් මලු භාර දීම ( Bag Drop ) යන්ත්‍රය වෙත ගොස් ගමන් මලු භාර දීම සිදු කර ආගමන විගමන නිශ්කාශන කටයුතු සදහා පිටත්ව යා හැකිය .

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතිය මගින් ගුවන් මගීන්ට විනාඩි 05 ක් වැනි කෙටි කාළයක් තුළ සිය ගුවන් තොටුපොළ රාජකාරී නිමා කර අදාල ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව හිමි වේ .

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් මගීන්ට පමණක් පහසුකම් හිමි වන අතර ඉදිරි කාළයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අනෙකුත් ගුවන් සේවා සදහා ද ව්‍යාප්ත කිරීමට නියමිතය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මසකට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන් 550,000 ක් සහ ඔවුන්ගේ ගමන් මලු මෙහෙයුම් කටයුතු සිදු කරති.



Recommended Articles