ඓතිහාසික රුහුණු කතරගම ඇසළ මහා පෙරහර මංගල්‍යය


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය පෙරේදා (13දා) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. කතරගම ඇසළ පෙරහර ලබන පෝදා 27 වැනි දින අවසන් මහා පෙරහරින් අවසන් වී, 28දා උදෑසන දිය කැපීමේ චාරිත‍්‍රයෙන් පසුව ඇසළ මංගල්‍යය නිමාවීමට නියමිතය.

අද (15දා) තෙවැනි පෙරහර වීදි සංචාරය කීරීමට නියමිත අතර, කතරගම දෙවියන්ගේ හා වල්ලි දෙවඟනගේ විවාහය සනිටුහන් කරන මෙම ඇසළ මංගල්‍යයේ සියලු චාරිත‍්‍ර දුටුගැමුණු රජුගේ එකල රාජ ආඥාවට අනුව කපු මහතුන් විසින් සිදු කරනු ලබයි.

පූජා භූමියට පැමිණෙන බැතිමතුන් උදෙසා බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිවා රාත්‍රී දන්සලක් පුරා දින  15ක් පැවැත්වෙන අතර, ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන කතරගම පුදබිම තුළ බෞද්ධයන්ට, හින්දූන්ට,මුස්ලිම් ආගම අදහන බැතිමතුන්ට වෙන් වූ  ස්ථාන වෙන් වෙන්ව පවතී.

කතරගම - සන්දිම දේවප්‍රිය    



Recommended Articles