දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 09 දින එළවළු විශාල ප්‍රමාණයක් ලැබී ඇතත් ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළෙන්දන් නොපැමිණීම නිසා අලෙවි කර ගැනීමට නොහැකිව මිලද විශාල වශයෙන් පහත වැටි ඇති බව ගොවීහු කියති.
දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන සතිපොළ සහ එළවළු අලෙවි කරන ස්ථාන නැවත ආරම්භ කළද එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් බෙහෙවින් අවම තත්වයක පැවතීම නිසා එළවලු තොග අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
උදෑසන සිටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි ගොවීන් ඒවා මත වාඩිවී ඇතැම් අය නිදාගෙන සිටින ආකාරයද ආර්ථික මධ්‍යස්ථානයේ සුලභව දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.
ඇතැම් එළවළු වර්ග රුපියල් 10හා 20 දක්වා මිල ගණන් යටතේ සීමිත ප්‍රමාණයක් අලෙවි කළ බවත් ගොවීන් කියති. තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් එළවළු තොග අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම හෝ ඒවා මිලදී ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක මිල (රුපියල්)
ගෝවා 35 -40
බෝංචි 100 -130
ලීක්ස් 25 -30
කැරට් 130 -140
බීට් රූට් 25 -35
තක්කාලි 30-40
රාබු 10 -15
නෝකෝල් 35- 40
කැකිරි 20-25
පිපිඤ්ඤා 10 -20
අර්තාපල් නුවරඑළිය 150 -160
වැටකොළු 70 -80
බණ්ඩක්කා 30 -35
පතෝල 50-60
කරවිල 190- 200
වට්ටක්කා 30 -35
වම්බටු 40 -50
මෑ කරල් 45 -50
මාලුමිරිස් 130 -150
අමුමිරිස් 80 -100
බතල 20- 25
දඹල 20-30