ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Okane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke - class destroyer වර්ගයට අයත් ‘USS Okane’ නෞකාව, දිගින් මීටර් එකසිය පනස් හතරක් (154 ) හා නැව් මුළුව තුන්සිය විසි අටකින් (328) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Richard Ray කටයුතු කරනු ලබයි.
තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Okane’ නෞකාව 2024 අගෝස්තු මස 22 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
මේ ආකාරයටම සැපයුම් අවශ්‍යතා සපුරා ගැනිම වෙනුවෙන් පසුගිය 19 දාද ඇමෙරිකානු යුද නැවක් කොළඹ වරායට පැමිණි අතර එය සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව පසුගිය 20දා දිවයිනෙන් පිටත්ව ගියේය.