ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් අද කොළඹදි පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 5000ක් කිරීම, විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්වීය.
ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරන විට ලෝටස් වටරවුම ආසන්නයේදී ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල විය.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු